හෙටත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

2021-01-11 at 15:13

හෙට දිනයේදි දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු/ නැගෙනහිර / උතුරු මැද වයඹ හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ට තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදි අකුණු අනතුරු අවම කරගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.