හෙට උදේ වෙනකන් මුහුද අවදානම් – පළාත් කිහිපයකට අදත් තද වැසි

2020-10-15 at 07:37

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල හෙට (16) උදාසන තෙක් ධීවර කටයුතුවල නිරතවීම අවදානම් බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 ත් 70ත් දක්වා වැඩිවීමේ අවදානමක් ඇති බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය / මහනුවර / ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද දිනයේදී මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.