හොරෙන් මැණික් ගැරූ 7ක් බගවන්තලාවේදී පොලිසියට මාට්ටු

2019-07-12 at 15:12

බගවන්තලාව ටින්සින් වත්ත ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයන් 7දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් ඇපමත මුදා හැර තිඛෙනවා.

ලද තොරතුරකට අනුව බගවන්තලාව පොලිසියේ නිළදාරින් කණ්ඩායමක් මෙම වැටලීම කර ඇත්තේ අද අලුයම් කාලයේදීයි.

සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ත් 60ත් අතර අය බවයි පොලිසිය සදහන් කළේ.

පොලිස් ඇප මත මුදා හැර ඇති සැකකරුවන් 7දෙනාට ලබන 15වනදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

Please follow and like us: