කැළණියේ හොර නෝට්ටු කල්ලිය අත්අඩංගුවට

2019-03-21 at 08:50

රුපියල් පන්සීයේ සහ දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු කිරිබත්ගොඩ දිප්පිටිගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මින් සැකකරුවන් තුන් දෙනෙකු රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු පහක් හා රුපියල් පන්සියේ ව්‍යාජ නෝට්ටු 03 ක් සමග අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන්ගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීම් වලදීයි සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ කැළණියේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී රුපියල් දහසේ ව්‍යාජ නොට්ටු 27 ක් / රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 04 ක් හා අඩක් නිම කළ රුපියල් දහසේ ව්‍යාජ නොට්ටු 02 ක් / හා අඩක් නිම කළ රුපියල් 500 නෝට්ටු දෙකක්ද හමුවී තිබෙනවා.

ව්‍යාජ මුදල් මුද්‍රණය සදහා යොදාගන්නා පරිඝණයක් හා මුද්‍රණ යන්ත්‍රයක්ද මෙහිදී සොයාගත් බවයි පොලිසිය සදහන් කලේ.

සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සංඛ්‍යාව 32 ක් වන අතර රුපියල් පන්සියේ ව්‍යාජ මුදල් නොට්ටු සංඛ්‍යාව 07 ක්.

සැකකරුවන් කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 19/24 හා 26 යන වියේ පසුවනවා.

ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කිරිබත්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.