හොර පාරෙන් දුම්වැටි ගෙනා චීනුන් 3 ක් දැලේ

December 7, 2018

රුපියල් තිස් හතර ලක්ෂ අනූ අට දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි හැට තුන් දහස් හය සියයක් හොංකොං සිට නීති විරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කල චීන ජාතිකයින් තුන් දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී රේගු භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතරින් එක් අයෙකු කාන්තාවක්.

ඔවුන් ඊයේ රාත්‍රී 11 යි 55 ට පමණ මෙරටට පැමිණ ඇති බව සඳහන්. සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් සිගරට් කාට්න් ප්‍රමාණය 318 ක්.

ගුවන් තොටුපල රේගුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා