හොර පාස්පෝට් එකකින් ඉතාලි යන්න ගිය ඉරාන ජාතිකයා දැලේ

2018-09-14 at 12:50

ස්පාඤ්ඤ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව හරහා ඉතාලියේ රෝමය වෙත ගමන් කිරීමට උත්සාහ කල ඉරාන ජාතිකයකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

කටාර් රාජ්‍යයේ සිට අද අලුයම 2 යි 45 ට පමණ ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයෙනුයි මොහු දිවයිනට ළගා වී තිබුණේ.

සැකකරු 30 හැවිරිදි අයෙකු වන අතර ඔහු පැමිණි ගුවන් යානයෙන්ම නැවත කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර වෙත පිටත්කර හැරීමටයි ගුවන් තොටුපල ආගමන විගමන නිළධාරීන් පියවර ගෙන ඇත්තේ.

Please follow and like us: