හොර ASP හා හමුදා සෙබළෙක් දැලේ

2020-11-22 at 08:03

සහකාර පොලිස් නිලධාරිවරයකු ලෙස සහ හමුදා නිලධාරිවරයකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනකු ඊයේ දිනයේදී පොල්පිතිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

පොල්පිතිගම ගල්තැම්ලාව ප්‍රදේශයේදී අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වාරියපොල සහ මහව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසූවේ.

මෙලෙස ව්‍යාජ ලෙස පෙනි සිිටිමින් වංවනික ක්‍රියාවන් රැසක මෙම පුද්ගලයින් දෙදෙනා නිරතව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවා.