20ට පක්ෂව ඡන්දෙ දෙන්න කලින් සජිත්ට කිව්වා – ඩයනා

2020-10-24 at 14:25

පක්ෂය විසින් තමන්ට එරෙහිව විනය පරික්ෂණයක් පවත්වන්නේනම් ඊට මුහුණදීමට සූදානම් බව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංහෝධනය සම්මත කරගැනීමට ආණ්ඩුවට සහය දැක්වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ 20 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර තම තීරණය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී තිබූ බවයි.

මුදල් නිසා තමන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශකළ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද ඩයනා ගමගේ මන්ත්‍රිවරිය සඳහන් කළා.