20 සම්මත වුනොත් අගමැති මහින්ද දවසක අපි ලගට එයි

2020-09-16 at 12:27

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටද ඔහුගේ අයිතිීන් රැක ගැනීමට සමගි ජන බලවේගය හා එක්වීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට අධික බලයක් හිමිවන අතර අග්‍රාමාත්‍යවරයාට කිසිදු බලතලයක් හිමි නොවන බවයි.

පැවති ආණ්ඩු සමයේදී වන විනාශයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ හඩ නැගු පිරිස් අද විට බලවත් නිහඩතාවයක පසුවන බවයි එස් එම් මර්ක්කාර් මහතා අවධාරණය කළේ.