50 කට අධික දූත පිරිසක් සමග ජනපති ටජිකිස්තානයට

2019-06-13 at 11:02

දුෂාන්බේ නගරයේ පැවැත්වෙන ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබද සමුලුවට සහභාගී විම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ටජිකිස්ථානය බලා පිටත්ව ගියා.

ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සදහා 50 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද එක්වනවා.

ඔවුන් අද උදාසන 10 යි 45 ට පමණ කටුනායක ගුවන් තොටුපලෙන් ප්‍රථමයෙන් ඩුබායි බලා පිටත්ව ගිය බවයි නිව්ස් රේඩියෝ ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කලේ.

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුලුව යනු ආසියාවේ සාමය / ආරක්ෂාව හා ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබද සහයෝගිතාව වැඩිදියුනු කිරීමේ අරමුණින් 1992 වසරේදී ස්ථාපති කරන ලද බහුජාතික සංසදයක්.

ශ්‍රී ලංකාව 2012 වසරේ සිට එහි නිරීක්ෂණ රාජ්‍යයක් ලෙස කටයුතු කරනවා. එහි සාමාජික රාජ්‍ය සංඛ්‍යාව 26 ක්.

ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබා ගත්තේ පසුගිය වසරේ අගෝස්තු 15 වැනිදායි.

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුලුව හෙට සහ අනිද්දා දුෂාන්බේ නගරයේදි පැවැත්විමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා පැවැත්වෙන රාජ්‍ය නායක සුමුලුවේදී සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම සංචාරයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා තජිකිස්ථාන ජනාධිපති ඉමෝමාලි රාමොන් මහතා ඇතුලු එරට රජයේ ඉහල පෙලේ නිළධාරින් පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කලේ.

Please follow and like us: