Breaking: බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව, කොම්පඤ්ඤවීදිය, ජා-ඇළ, කඩවත හුදකලා කිරීම් හෙට ඉවතට

2020-11-22 at 07:08

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4 කට පනවා ඇති හුදකලා කිරීම් තත්වය හෙට උදාසන 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරෙනු ඇති.

කෙසේවෙතත් කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිළධාරී කොට්ඨාශය මෙන්ම බොරැල්ල පොලිස් වසමේ වනාත ග්‍රාම නිළධාරී කොට්ඨාශය තවදුරටත් හුදකලා කර තැබෙන බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13 ක හුදකලා තත්වය තවදුරටත් පවතිනු ඇති.

එම පොලිස් බල ප්‍රදේශ වන්නේ මට්ටක්කුළිය – මෝදර – බ්ලූමැන්ඩල් – කොටහේන – ග්‍රෑන්ඞ්පාස් – වෙරළබඩ – ආදුරුප්පුවීදිය – මාළිගාවත්ත – දෙමටගොඩ – කෙසෙල්වත්ත – මරදාන – පිටකොටුව හා වේල්ලවීදිය යි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇළ හා කඩවත යන පොලිස් වසම් දෙකේ ද සංචරණ සීමා හෙට උදාසන 05 සිට ඉවත් කෙරෙන බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලා.

ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට සංචරණ සීමා පණවා ඇති කැළණිය – මීගමුව – රාගම – වත්තල හා පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශවල හුදකලා තත්වය තවදුරටත් බලපැවැත්වෙන බවයි යුදහමුදාපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම ඊයේ දිනයේදී සංචරණ සීමා පණවනු ලැබූ අටුලුගම ප්‍රදේශයේ හුදකලා තත්වය පවතින්නේ ග්‍රාම නිළධාරී වසම් 07 ක පමණක් බවද ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා.