Breaking: ශ්‍රී ලංකාවේ 15 වන කොරෝනා මරණය වාර්තා වෙයි

2020-10-24 at 10:26

මෙරට 15 වන කොරෝනා මරණය අද උදාසනදී කුලියාපිටිය මූලික රෝහලෙන් වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56 ක් වන කුලියාපිටිය ප්‍රදේශයේම පදිංචි පිරිමි පුද්ගලයෙකු බවයි නිවුස් රේඩියෝ කල විමසීමකදී කුලියාපිටිය මූලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වෙරවත්ත මහතා සදහන් කලේ.

මියගිය රෝගියා හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත වී සිටි බවත් එහිදී සිදුකල පී සී ආර් පරීක්ෂණ වලින් තෙවැනි පරීක්ෂණයේදී ඔහු වෛරස ආසාධිතයෙකු ලෙස හදුනාගෙන ඇති බවත් වෛද්‍ය ප්‍රභාත් වෙරවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියා.