CPC ගැටුම සම්බන්ධයෙන් ඇල්ලු පොහොට්ටු මන්ත්‍රී යළි රිමාන්ඩ්

2019-01-11 at 11:40

දෙමටගොඩ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථාන පරිශ්‍රයේ පසුගිය ඔක්තෝබර් 28 වනදා හටගත් නොසන්සුන්තාවය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී ගීගනගේ කුලතිස්ස මහතා ලබන 18 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියයි නියෝගය ලබාදුන්නේ.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කර තිබු ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ බවයි නිවුස් රේඩියෝ අධිකරණ වාර්තාකරු කියා සිටියේග

පසුගිය සදුදා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. අර්ජුණ රණතුංග මහතා සහ ආරක්ෂකයන් පිරිසක් ඛණිජ තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණීමෙන් පසු සැකකරු තවත් පිරිසක් සමග කළහකාරීව හැසීරි ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

අදාළ අවස්ථාවේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයටද පත්වුණා.