EPF ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනීම ලගම පිහිටි කම්කරු කාර්යාලයෙන්

2020-10-24 at 06:57

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනීම ලගම පිහිටි කම්කරු කාර්යාලය මගින් පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත සේවාවක් සැපයීම සඳහා එම තීරණය ගත් බවයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි සාමාජිකයින් ප්‍රතිලාභ අයදුම්පත් භාරදීම සඳහා පහත සඳහන් දුරකථන අංක අමතා දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතුයි.

සාමාන්‍ය ප්‍රතිලාභ සඳහා 0112 368 904, 0112 368 911 හෝ 0112 368 490 ඇමතිය යුතු වනවා. 30% පුර්ව ප්‍රතිලාභ සඳහා 0112 368 252 හෝ 0112 501 249 න් තොරතුරු ලබාගත හැකියි.