Facebook කථා බොරු / පොහොට්ටුව කියයි

December 7, 2018

දේශපාලන අර්බුදයක් රටතුල පැවතියද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා සිටි බලවේගය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරන බව එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා. නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පොදුජන පෙරමුණ තුල ඛෙදීමක් හටගෙන ඇති බවට ඇතමුන් ගෙනයන ප්‍රචාර අසත්‍ය බවයි.

රට මුහුණදී සිටින අස්ථාවරභාවයට ඇති එකම විසඳුම මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර රජයක් බිහි කිරීම පමණක් බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පෙන්වා දුන්නා.