FCID හරියට වැඩ කළානම් අද ආණ්ඩුවේ ගොඩක් අය නෑ

2020-11-24 at 16:56

රජයේ සේවකයන් වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත්ව ඇති බව අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා චෝදනා කළා.

යහපාලන රජය සමයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය නිසි ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම හමුවේ වර්තමාන ආණ්ඩුවේ විශාල පිරිසක් නිදැල්ලේ සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ පිළිබද තමන් කණගාටුවට පත්වන බවත් මූල්‍ය අපරාධ පවිමර්ශණ කොට්ඨාශය නිසි ආකාරයෙන් ක්‍රීයාත්මකවූයේ නම් අදටත් යහපාලන රජය බලයේ රැදී සිටින බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විවාදයේදී සදහන් කළා.