Google transit ලංකාවටත්

2019-07-12 at 16:51

ගූගල් ට්‍රාන්ස් සිට් (Google transit ) විශේෂාංශය මෙරටට හදුන්වා දිමේ මූලික ව්‍යාපෘතිය අද ක්‍රියාත්මක කෙරුණා. ඒ ප්‍රවාහණ හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගමනාගමන කොමිසමේදියි.

අන්තර්ජාල සිතියම් සේවාවක් වන ගූගල් මැප් පහසුකම හරහා පොදු ප්‍රවාහන සේවාවේ තොරතුරු සැපයීම ගූගල් ට්‍රාන්ස් සිට් (Google transit ) පහසුකම හරහා සිදුවනවා.

එම විශේෂාංශය මෙතෙක් ශ්‍රී ලංකාවට සක්‍රීය නොවු අතර අද සිදුකෙරුණේ එය මෙරටට සක්‍රීය කර ගැනිමට අදාල දත්ත සමුහය ගූගල් ආයතනයට නිළ වශයෙන් යොමු කිරිමයි.

ඉදිරි දින කිහිපය තුල ගූගල් ආයතනය විසින් අදාල දත්ත අධ්‍යනය කර ගූගල් ට්‍රාන්සිට් (Google transit ) පහසුකම සක්‍රිය කිරීමට පියවර ගනු ඇති බවයි ප්‍රවාහන අමාත්‍යංශය සදහන් කළේ.

එහි පළමු අධියර යටතේ තොරතුරු ලබා ගැනිමට හැකි වන්නේ බස්නාහිර පළාතේ පමණයි.

දෙවැනි අධියරේදි එම විශේෂාංගය සෙසු පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනු ඇති .

ගූගල් ට්‍රාන්ස් සිට් විශේෂාංගය රතු පැහැයෙන් දුමිරියද / අන්තර් පලාත් බස් රථ නිල් පැහැයෙන්ද / පළාත් සභා බස් රථ කොළ පැහැයෙන්ද සිතියම්ගත වන බවයි ප්‍රවාහණ හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කලේ. පළමු අධියර යටතේ මේ හරහා ලබා ගත හැකි වන්නේ කාල සටහන් ගත තොරතුරු පමණයි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන එම ව්‍යාපෘතියේ භාරකරු මොරටුව විශ්ව විදයාලයේ ප්‍රවාහණ ඉංජිනේරු අධ්‍යානංශයේ ජ්‍යෙෂ්ට කථීකාචාර්ය ආචාර්ය දිමන්තද සිල්වා

Please follow and like us: