IK මහානාමට සහ P දිසානායකට විශේෂ මහාධිකරණය හමුවේ නඩු

2019-06-12 at 17:31

රුපියල් කෝටි දෙකක අල්ලසක් ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක මහත්වරුන්ට එරෙහිව පළමුවන විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරුවරයා අල්ලස් කොමිසමට අවසර දී තිඛෙනවා.

අල්ලස් කොමිසම කළ ඉල්ලිමකට අනුව මෙම අවසරය හිමිව ඇති බවයි නිවුස් රේඩියෝ වාර්තාකරු කියා සිටියේ.

සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ඇති බවට අල්ලස් කොමිසමේ නිළධාරීන් ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දදටද පියවර ගත්තා.

කන්තලේ සීනි කර්මාන්තශාලාවට අයත් ගොඩනැගිලි සහ යන්ත්‍ර සුත්‍ර ලබාදීම සදහා ඉන්දීය ව්‍යාපාරිකයකුගෙන් මෙම අල්ලස් මුදල ලබා ගැනීමේදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ.

Please follow and like us: