IDH රෝහලෙන් පැන්න කාන්තාව සොයා ගැනේ

2020-11-22 at 05:55

නව කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ දී ඉන් පළා ගිය 25 හැවිරිදි කාන්තාව ඇහැළියගොඩ, සිදුරංගල ප්‍රදේශයේ ළඳු කැලෑවක සැගව සිටියදී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේම ඇය රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකල බවයි පොලිසිය සඳහන් කලේ.

මෙම කාන්තාව පසුගියදා සිය කොවිඞ් ආසාදිත කුඩා දරුවාද රැගෙන අයි ඩී එච් රෝහලෙන් පළා ගොස් තිබුණා.

පසුව දරුවා සොයා ගැණුනේ ඥාති නිවසක සිටියදීයි.