MCC රටට ගෙනා අය ජාතියෙන් සමාව ගත යුතුයි

2020-06-30 at 12:33

එම් සී සී ගිවිසුමේ අධියර දෙකක් අත්සන් තැබීමට මුල් වූ පිරිස සියලු දෙනා රටේ ජනතාවගෙන් සමාව ගත යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඇඹිලිපිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රටට අහිතකර කිසිදු ගිවිසුමකට වත්මන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා අනුමැතිය නොදෙන බවයි.

ආණ්ඩුව කිසිදු රටකට යටත් නොවී කටයුතු කරන බවද ජානක වක්කුඹුර මහතා අවධාරණය කළා.