PHOTOS : ඉතිහාසයේ පළමු වරට දත්ත ගණනාවක් රැස් කිරීමේ බැලුනයක් ගුවනට

2020-12-26 at 12:12

මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල 18 ක සිසු සිසුවියන් ඒකරාශී වී වායුගෝලයේ විවිධ සංඝටක පිළිබද දත්ත ලබා ගැනීම සහ කාලගුණික දත්ත ලබාගැනීම සඳහා අත්හදාබැලීමේ බැලූනයක් ගුවන් ගත කිරීම අද පෙරවරුවේ දඹුල්ල ඩී එස් සේනානායක විදුහලේ දී සිදුකෙරුණා.

ඇමෙරිකාවෙන් ගෙන්වන ලද විවිධ උපකරන උපයෝගි කරගෙන දිවයිනේ ප්‍රථම වතාවට රබර් බැලුනයක් ගුවන් ගත කිරීම ඒ තුළ සවි කරන ලද විද්‍යුත් උපකරණ සහ තොරතුරු දත්ත රැස් කිරීමේ පෙට්ටියක්ද සවිකොට මෙය ගුවන් ගත කිරීම සිදු කරනු ලැබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම නව තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක වුවහොත් ඉදිරියේ දී මෙරට විශාල වෙනස්කම් රැසක් සිදු කිරීමට හැකිවන බවත් දැනට මෙරට භාවිතා කරන්නේ ලබන්නේ 1950 වසරේ තාක්ෂණයෙන් උපයෝගී කරගත් තොරතුරු බව ද විශ්වවිද්‍යාල සිසුන් පවසනවා.

මෙම විශේෂ අත්හදාබැලීමේ බැලුනය කිලෝමීටර් 35 ත් 40 ත් අතර ඉහළ ආකාසේ ගමන් කරමින් ආකාශයේ ඉහළ දී මෙම බැලූනය පුපුරා එහි සවිකොට ඇති පැරෂුටයක් මගින් ලබාගත් තොරතුරු සියල්ල පොළොවට පතිත වීම සිදුවන බව විශ්වවිද්‍යාල සිසුන් පවසනවා.

මෙමගින් ඉහල වායුගෝලයේ පවතින වීවිධ සංඝටක ප්‍රමාණයන් අනාවරණය කරගැනීම කාලගුණික දත්ත සපයා ගැනීම මෙන්ම කැලෑ හෙළි පෙහෙළි කිරීම් කැලෑ ඝනත්වය පිළිබඳව දත්ත ලබාගැනීම වන අලීන් පිළිබඳව තොරතුරු රැස්කර ගැනීම ආදී ක්‍රියාවන් රැසක් සිදු වීම විශේෂත්වයක්.