Tab යෝජනාව අද කැබිනට්ටුවට

2019-02-12 at 07:01

උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිඝණක ලබා දීමට අදාල යෝජනාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යපාන අමාත්‍ය අකිල විරාප් කාරියවසම් මහතා පවසනවා.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ගුරු හිගය අවම කරගැනිමට විශ්‍රාමික ගුරුවරුන් යලි සේවයට එක්කර ගැනීමට අදාළ කැබිනට් යෝජනාවක්ද ගෙන එන බවයි.