ඉන්දියාවේ කොරෝනා රෝගීන් ලක්ෂ 50 පනී – අමෙරිකාවේ මරණ ලක්ෂ 02 ඉක්මවයි

2020-09-16 at 05:50

ඉන්දියාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී එරටින් වාර්තාවී ඇති රෝගීන් ගණන 91 120 ක්.

මේ අනුව ඉන්දියාවේ මුලු කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව 50 ලක්ෂ 18 දහස් 034 දක්වා ඉහළ යනු ඇති.

ගතවු පැය 24 තුළ ඉන්දියාවෙන් තවත් කොවිඞ් මරණ 1283 ක් වාර්තා වු අතර ඒ අනුව මේ වනවිට එරට මුලු මරණ ගණන 82 091 ක්.

මේ අතර අමෙරිකාවේ මුලු කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී තවත් මරණ 1159 ක් වාර්තාවීමත් සමගයි.

දැනට ලොව පුරා මුලු කොරෝනා ආසාධිතයන් දෙ කෝටි 97 ලක්ෂ 13 දහස් 917 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත මරණ සංඛ්‍යාව 09 ලක්ෂ 38 දහස් 362 ක්.