‘ලෙකීමා’ චීනයේ 13ක් බිලි ගනී – මිලියනයකට උන්හිටි තැන් අහිමියි

2019-08-10 at 17:05

චීනයට බලපා ඇති ලෙකීමා ප්‍රචන්ඩ සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා.

මිලියනයකට වැඩි පිරිසක් අවතැන්ව ඇති අතර පුද්ගලයන් 16දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් වේල්ලක් කැඩීයාමෙන් වෙන්ලිං ප්‍රදේශයේ දරුණු නායයාමක්ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පැයට කිලෝමීටර 187 ක වේගයෙන් යුත් ලෙකීමා සුළි කුණාටුව චීනයේ සෙජියැන්ග් ප්‍රාන්තයේ සිට ෂැංහයි නගරය දෙසට ගමන් කරමින් පවතින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.