ලෝක කුසලාන සංචිතය තේරීම ගැන ක්‍රීඩා ඇමති පහදයි

2019-04-19 at 15:35

මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය තේරීමේදී ඒ සදහා තමන් කිසිදු මැදිහත්වීමක් සිදුනොකළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරනවා.

කණ්ඩායමේ නායකයා සහ අනෙක් සියලු ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදුකරන්නේ තේරීම් කමිටුව විසින් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සිය නිළ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

කණ්ඩායමේ නායකයා තේරීමේ ක්‍රීයාවලියට ආගම් සහ වෙනත් අදාළ නොවන දේ ඇදැගෙන ඇතැයි ඇතැමුන් කරන චෝදනා පදනම් විරහිත බවද හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළා.

දිමුත් කරුණාරත්නට කණ්ඩායම් නායකත්වය ලබාදී ඇත්තේ තේරීම් කාමිටුව බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවල හෝ කුසලතාවයේ අඩුවක් නොමැති බවද හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

එබැවින් එළඹෙන තරග සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ එහි කළමණාකාරීත්වයට සුභාශිංසන එක්කරන බවයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ.