අභ්‍යවකාශ ප්‍රධානියා සනසන අගමැති

2019-09-07 at 11:56

ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනෙහි හොඳම දේ ඉදිරියේදී ලැඛෙනු ඇතැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.

අසාර්ථකවීම් හමුවේ එය නතර කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවයි බැංගලෝර් නුවර පිහිටා ඇති ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිට ජාතිය අමතමින් ඔහු සඳහන් කලේ.

චන්ද්‍රයා මතුපිට ගොඩබැස්වීම පිණිස යවනු ලැබූ චන්ද්‍රයාන්-2 යානය සෙඳහි පෘෂ්ඨයට කිලෝමීටර් 2 ක් පමණ දුරක් ඉතිරිය තිබියදී සන්නිවේදන සබඳතා ඇණහිට තිබුණා.

යානයට සිදුවූයේ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

සිය උත්සාහය ව්‍යර්ථවීමත් සමග ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් දැඩි පසුබෑමකට ලක්ව ඇති බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේවෙතත් මෙම අවස්ථාවේ සමස්ත ජාතියම ඉන්දීය අභ්‍යවකාශ විද්‍යාඥයන් සමග සිටින බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කලා.

එමෙන්ම ඔහු අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිට නික්ම යෑමේදී එහි ප්‍රධානී කේ සිවන් මහතා සමග අතිශය සංවේදී ස්වරූපයකින් සිටින ඡායාරූප සහ දර්ශන පෙළක්ද එරට මාධ්‍ය විකාශය කරනු ලැබුවා.

සංවේදී මොහොතක්

චන්ද්‍රයාන්-2 යානය සඳ මතට ගොඩබැස්වීම අසාර්ථක වීම හමුවේ සංවේදී වූ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ කේ සිවන් සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි….

Posted by Rhythm World News on Friday, 6 September 2019