අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ්ට පූර්ණ රාජ්‍ය ගෞරව

2019-08-07 at 18:14

අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මියට පූර්ණ රාජ්‍ය ගෞරවය පිරිනමා තිඛෙනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුලු විශාල පිරිසක් ඇයට අවසන් ගෞරව පුදකල බවයි ඉන්දීය වාර්තා සඳහන් කලේ.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ රාත්‍රී 9 ට පමණ නවදිල්ලි නුවරදී මියයන විට ස්වරාජ් මහත්මිය 67 වන වියෙහි පසුවුණා.

සුෂ්මා ස්වරාජ් මහත්මියගේ අභාවය වෙනුවෙන් ජගත් නායකයන් රැසක්ද මේ වනවිට කණගාටුව පළකර තිඛෙනවා.