අමෙරිකාවේ ජර්සි නගරයේ වෙඩි හුවමාරුවකින් 6 ක් මරුට

2019-12-11 at 10:59

අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ජර්සි නගරයේ සිදුවූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිළධාරියෙකු ඇතුලු 6 දෙනෙකු මියගොස් තිඛෙනවා.

තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

සුසාන භූමියක් අසල පළමුවෙන් වෙඩි තැබීමක් සිදුවී ඇති අතර පසුව වෙළඳසැල් පවතින කලාපයක් තුළද වෙඩි හුවමාරුවක් සිදුවී තිඛෙනවා.

කෙසේවෙතත් මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවයි අමෙරිකානු බළධාරීන් සඳහන් කර ඇත්තේ.