අමෙරිකාවේ දෙනුවර ප්‍රහාරයට අදට වසර 18 ක්

2019-09-11 at 05:45

අමෙරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝර්ක් දෙනුවර ප්‍රහාරයට අදට වසර 18 ක් සපිරෙනවා.

2001 වසරේ සිදුවූ මෙම ප්‍රහාරයෙන් මියගිය ගණන 3000 කට ආසන්නයි. තවත් 6000 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

මෙමගින් සිදුවූ දේපළ අලාභය ඩොලර් බිලියන 10 කට අධික බවටයි තක්සේරු කර ඇත්තේ.

ප්‍රහාරයේ වගකීම ඔසාමා බින් ලාඩ්න්ගේ නායකත්වයෙන් යුත් අල් කයිඩා සංවිධානය විසින් භාරගත් අතර ඇෆ්ඝනිස්ථානය තුළ අමෙරිකානු මෙහෙයුම් ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි.

වසර 10 කට පමණ පසුව 2011 වසරේ මැයි 2 වනදා පකිස්ථානයේ ඇබොටාබාද් හිදී අමෙරිකානු විශේෂ බලකායක් විසින් බින් ලාඩ්න් ඝාතනය කරනු ලැබුවා.