අමෙරිකාවේ ප්‍රාන්ත 50 ම ආරක්ෂාව තර කෙරේ

2021-01-17 at 06:11

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඞ්න් මහතා දිවුරු්දීමට නියමිත මෙම සතියේදී අමෙරිකාව පුරා විවිධ කළහකාරී සිදුවීම් වාර්තා විය හැකි බවට අනතුරු අගවා තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්ත 50 ම ආරක්ෂාව තර කර සීරුවෙන් තබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

අමෙරිකාවේ ජාතික ආරක්ෂක බලකා සෙබලුන් වොෂින්ටන් අගනුවරට කැඳවා තිබෙනවා.

පසුගිය සතියේදී ට්‍රම්ප් හිතවාදීන් කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදී සිදුකල නොසන්සුන්තාවය වැනි සිදුවීම් වළක්වා ගැනීමයි එහි අරමුණ වන්නේ.

ට්‍රම්ප් හිතවාදීන් විසින් මෙම සතිය තුළදීද විවිධ ප්‍රචණ්ඩ සිදුවීම් ඇති කල හැකි බවට එෆ් බී අයි ආයතනයද අනතුරු අගවා තිබුණා.

ඇතැම් ප්‍රාන්ත සඳහා හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කිරීමටයි ආණ්ඩුකාරවරුන් කටයුතු කර ඇත්තේ.

ජෝ බයිඞ්න් මහතා වොෂින්ටන් නුවර පිහිටා ඇති කැපිටල් මන්දිරය ඉදිරිපිටදී දිවුරුම්දීමට නියමිතව ඇත්තේ ලබන බදාදා දිනයේදීයි.