අමෙරිකා – උතුරු කොරියා න්‍යෂ්ඨික සාකච්ඡා නැවත ???

2019-09-10 at 10:32

අමෙරිකාව සමග න්‍යෂ්ඨික සාකච්ඡා නැවත ආරම්භ කිරීමට උතුරු කොරියාව තීරණය කර තිඛෙනවා.

දෙරටටම එකගවිය හැකි ක්‍රමවේදයක් ඔස්සේ සාකච්ඡා ආරම්භ කල හැකි බවයි එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොං අන් අතර සාකච්ඡා වට 2 ක් සිංගප්පූරුවේදී සහ වියට්නාමයේදී පැවැත්වුණා.