අමෙරිකා ජනපතිවරණයේ කලින් ඡන්දය ප්‍රකාශ කල පිරිස මිලියන 22 ඉක්මවයි

2020-10-17 at 11:28

ලබන 03 වනදා පැවැත්වෙන අමෙරිකා ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව කලින් ඡන්දය ප්‍රකාශ කල පිරිස මිලියන 22 ඉක්මවා ගොස් තිබෙනවා.

එය 2016 වසරේ පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීම හා සැසඳීමේදී මිලියන 16 ක වැඩිවීමක්.

පුද්ගලිකව මෙන්ම තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කල පිරිස මීට අයත්.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙවර පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම ඉහළ අගයක් ගෙන තිබෙනවා.

නිල නොවන වාර්තාවලට අනුව ලියාපදිංචි ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අති බහුතරයක් රිපබ්ලිකන් පාක්ෂිකයන් අභිබවා ඡන්දය භාවිත කර ඇති බව සඳහන්.