අමෙරිකා ජනාධිපතිගේ ආරක්ෂක උපදේශක ඉල්ලා අස් වෙයි

2019-09-11 at 07:14

අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ ආරක්ෂක උපදේශක ධුරයෙන් ජෝන් බෝල්ටන් මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපතිවරයා සමග පවතින මත ගැටුම් ඊට හේතුවී ඇති බවයි ඔහු සඳහන් කලේ.

ජෝන් බෝල්ටන් මහතා සැළකුණේ ට්‍රම්ප් මහතාගේ අතිශය සමීපතමයෙකු ලෙසටයි.

අමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මහතාගේ ආරක්ෂක උපදේශක ධුරයට පත් 3 වැන්නාද ඔහුයි.