අයෝධ්‍යා නඩු තීන්දුව අද

2019-11-09 at 08:23

ඉන්දියාවේ අයෝධ්‍යා සිද්ධස්ථානය සම්බන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද සුවිශේෂී නඩු තීන්දුවක් ලබාදිමට නියමිතයි.

හින්දු සහ ඉස්ලාම් බැතිමතුන් යන දෙකොට්ඨාශයම මෙම භූමියට අයිතිවාසිකම් කීම හමුවේ දශක කිහිපයක සිට පවතින්නේ මතභේදාත්මක තත්වයක්.

ඒ අනුව කවර පාර්ශවයකට මෙම දේවස්ථානය අයත්දැයි අද පෙරවරු 10 යි 30 ට ලබා දීමට නියමිත නඩු තීන්දුවේ අන්තර්ගත වනු ඇති.

ඊයේ දිනයේ සිටම අයෝධ්‍යා ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති අතර ඊට පිවිසෙන සියලු මාර්ග වසා දමා තිඛෙනවා.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වන වෛරී සහගත ප්‍රකාශ පිලිබඳවද දැඩි අවධානයෙන් පසුවන බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.

1992 වසරේදී මෙම භූමිය සම්බන්ධ ගැටුම්වලදී මියගිය සංඛ්‍යාව 2000 කට ආසන්නයි.