අවුරුදු 850 ක් පැරණි ප්‍රංශයේ නෝත්ර ඩාම් දෙව්මැදුරේ ගින්නක්

2019-04-16 at 06:42

ප්‍රංශයේ නෝත්ර ඩාම් දේවස්ථානයේ හටගත් ගින්න මෙතෙක් මැඩපවත්වා නැතැයි ප්‍රංශ බළධාරීන් පවසනවා.

වසර 850 ක් පැරණි මෙම ගොඩනැගිල්ල සැලකෙන්නේ ප්‍රංශයේ ඉපැරණි සංකේතයක් ලෙසටයි.

ප්‍රතිසංස්කරණ අතරතුර හටගත් ගින්න හේතුවෙන් එහි වහළය මේ වනවිට කඩා වැටී ඇති අතර ඝණ්ඨාර කුලුණු දෙක තවමත් ස්ථාවර මට්ටමේ පවතින බව සඳහන්.

ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් මහතාද අදාළ ස්ථානයට පැමිණ තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වන බවට ඔහු සහතික වී තිඛෙනවා.

යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසටද නම් කර ඇති නෝත්ර ඩේම් සිද්ධස්ථානය නැරඹීම සඳහා වසරකට පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 12 ත් 13 ත් අතර වනවා.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් / බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ / ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් ඇතුලු ලෝක නායකයන් රැසක්ද නෝත්ර ඩේම් සිද්ධස්ථානයේ හටගත් ගින්න සම්බන්ධයෙන් සිය කණගාටුව පළකර තිඛෙනවා.

Please follow and like us: