ඉන්දියාවේ රිය අනතුරකින් 40 ක් මරුට

September 11, 2018

ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ කොන්ඩගට්ටු ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් 40 දෙනෙකු මියගොස් තිඛෙනවා.

කුඩා ළමුන් සහ කාන්තාවන්ද ඒ අතර වන බවයි හින්දු වෙබ් අඩවිය වාර්තා කලේ.

මෙහිදී තවත් 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි සඳහන්.

මෙම අනතුරට ලක්ව ඇත්තේ ප්‍රදේශයේ ආගමික ස්ථානයක පැවති උත්සවයකට සහභාගී වී නැවත එමින් සිටි පිරිසක් බවයි ඉන්දීයා වාර්තා කියාසිටියේ.