සතියක් තුළ ඉන්දියාවේ සමූහ දූෂණයට ලක්වූ දෙවන තරුණියත් මරුට – ප්‍රදේශ රැසක විරෝධතා

2020-10-01 at 15:23

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හිදී සමූහ දූෂණයට ලක්වූ වයස අවුරුදු 22 ක තරුණියක් මියයාමේ සිද්ධියක් වාර්තාවීමත් සමග එරට ප්‍රදේශ කිහිපයක විරෝධතා ආරම්භ වී තිබෙනවා.

පසුගිය අගහරුවාදා මෙම තරුණිය සමූහ දූෂණයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට දින කිහිපයකට ඉහතදීද අතවරයට ලක්වූ තරුණියක් (19) දින කිහිපයක් දිල්ලි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඒ අනුව මෙම සිද්ධීන් දෙකම මුල් කරගනිමින් ඉන්දියාවේ ප්‍රදේශ රැසක විරෝධතා ආරම්භ වෙමින් ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.