ඉන්දීය ගොවි විරෝධතාව විසුරුවා හැරීමට නවදිල්ලියේදී කදුලු ගෑස්

2021-01-26 at 12:18

අදට යෙදී ඇති 72 වන ඉන්දීය ජනරජ දිනයට සමගාමීව නවදිල්ලි නුවරට ට්‍රැක්ටර් පෙළපාලියකින් පැමිණි ගොවීන් පිරිසක් සහ එරට ආරක්ෂක අංශ අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කලේ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය කඳුලුගෑස් ප්‍රහාරයක්ද එල්ලකර ඇති බවයි.

ඉන්දීය රජය විසින් හඳුන්වාදී ඇති නව කෘෂිකර්ම නීතිවලට විරෝධය පළකරමිනුයි ගොවීන් විසින් මාස කිහිපයක සිට විවිධ උද්ඝෝෂණවල නිරත වන්නේ.