ඉන්දීය ගොවීන් නවදිල්ලියේ රතු බලකොටුව වටලයි

2021-01-27 at 06:39

දහස් සංඛ්‍යාත ගොවීන් පිරිසක් පැමිණ සිදුකල ප්‍රචණ්ඩ විරෝධතාවය හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කර තිබෙනවා.

නව කෘෂිකර්ම නීතිවලට එරෙහිවයි ඊයේ දිනයේදී මෙම විරෝධතාවය පැවැත්වුණේ.

එය පාලනයට පොලිසිය කඳුලුගෑස් සහ බැටන් ප්‍රහාර එල්ලකර තිබූ අතර එහිදී එක් ගොවියෙකු ජීවිතක්ෂයට පත්වුණා.

තුවාල ලැබූ පොලිස් නිළධාරීන් සංඛ්‍යාව 80 ක්.

ඊයේ රාත්‍රියේද විරෝධතාකරුවන් නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ එක් රැස්වී සිටි බවයි ඉන්දීය වාර්තා සඳහන් කලේ.