ඉන්දුනීසියාවේ ප්‍රබල භූමිකම්පාවක්

2019-11-15 at 06:17

ඉන්දුනීසියාවේ මොලුක්කා වෙරළ තීරයේ ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 7 යි දසම 1 ක් ලෙසටයි.

මෙම භූ චලනයත් සමග ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇගවීමක්ද නිකුත් කෙරුණා.

මෙහිදී සිදුවූ ජීවිත හෝ පුද්ගල හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.