ඉන්දුනීසියා ගුවන් යානයේ කලු පෙට්ටිය සෙවීමේ මෙහෙයුම්වලට බාධා

2021-01-12 at 11:52

කඩා වැටුණු ඉන්දුනීසියා ගුවන් යානයේ කලු පෙට්ටිය සෙවීමේ මෙහෙයුම්වලට බාධා එල්ලවී තිබෙනවා.

ඒ ඊට යොදාගත් උපකරණයට හානි සිදුවීම හේතුවෙනුයි.

මේ සඳහා වෙනත් උපකරණයක් සිංගප්පූරුවේ සිට ගෙන්වා ගැනීමටයි ඉන්දුනීසියා බළධාරීන් මේ වනවිට තීරණය කර ඇත්තේ.

පසුගිය සෙනසුරාදා සිදුවූ ගුවන් යානා කඩාවැටීමෙන් යානයේ ගමන්ගත් 62 දෙනාගෙන් දිවි ගලවාගත් කිසිවෙකු පිළිබඳ නිල තොරතුරක් මේ දක්වා හෙළිවී නැහැ.

ගුවන් ගතවී විනාඩි 05 ක් ඇතුළත මෙලෙස කඩා වැටීමකට ලක්වූයේ ඉන්දුනීසියාවේ ශ්‍රී විජය එයාර් නම් කලාපීය ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානයකුයි.