ඉන්දුනීසියා භූමිකම්පාවෙන් මියගිය ගණන 30 ට නගී

2021-01-15 at 12:56

ඉන්දුනීසියාවේ සුලවෙසි දිවයිනේ හටගත් භූමිකම්පාවෙන් මියගිය ගණන 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 640 කට ආසන්න පිරිසක් මේ වනවිට තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

ඉන්දුනීසියාවේ වේලාවෙන් අද අලුයම 01 ට පමණ මෙම කම්පනය හටගෙන තිබුණා. බොහෝ පිරිසක් නින්දේ පසුවීම හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සඳහන්.

කඩා වැටුණු රෝහලක සුන්බුන් අතර සිරවී විශාල පිරිසක් සිටින බවටද වාර්තා පළවනවා.

රික්ටර් මාපකයේ ඒකක 6 යි දසම 2 ක් ලෙසයි මෙම කම්පනය සටහන්වී ඇත්තේ.

පොළව අභ්‍යන්තරයේ කිලෝ මීටර් 10 ක් පමණ ගැඹුරින් මෙම චලනය හටගෙන තිබෙනවා.

මෙම භූමිකම්පාව හමුවේ මේ දක්වා කිසිදු සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර නොමැති බවයි ඉන්දුනීසියා වාර්තාවල දැක්වෙන්නේ.