ඉරානයේ ටෙහෙරාන් අගනුවර සුනඛ තහනමක්

2019-01-30 at 07:04

ඉරානයේ ටෙහෙරාන් අගනුවර සුනඛයන් සමග ගමන් කිරීම තහනම් කර තිඛෙනවා.

වාහනයක හෝ සුනඛයන් රැගෙන යාම අත්හිටුවා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මහජනතාව සුනඛයන් කෙරෙහි දක්වන බිය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ඉරාන බළධාරීන් සඳහන් කලා.

1979 වසරේදී සිදුවූ ඉරාන විප්ලවයත් සමග ඉරානය තුළ සුනඛයන් කෙරෙහි පවතින අප්‍රසාදය ක්‍රමක්‍රමයෙන් ඉහළ යාමක් දක්නට ලැබුණා.

ඇතැම් අවස්ථාවලදී සුණඛයන් රාජසන්තක කල අවස්ථාද පැවති බව සඳහන්.

ඉරාන ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුව සුනඛයා අපිරිසුදු සත්වයෙකු මෙන්ම බටහිර හිතවාදී සංකේතයක් ලෙස සැළකීමයි මීට හේතුවී ඇත්තේ.