ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහුට දූෂණ චෝදනා

2019-11-22 at 06:16

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතාට එරෙහිව එරට නීතිපතිවරයා විසින් දූෂණ චෝදනා ගොණුකර තිබෙනවා.

අල්ලස් / වංචා සහ සාපරාධි විශ්වාසය කඩකිරීම යටතේ වෙන වෙනම මෙම චෝදනා ගොණු කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

තමන්ට වැඩි මාධ්‍ය ප්‍රචාරයක් ලබාගැනීම සඳහා ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ලබාගත් බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

කෙසේවෙතත් මෙම චෝදනා හමුවේ කිසිදු අයුරකින් ධුරයෙන් ඉල්ලා අස් නොවන බව නෙතන්යාහු මහතා සඳහන් කර තිබෙනවා.