උතුරු කොරියාව තවත් මිසයිල 2 ක් අත්හදා බලයි

2019-08-10 at 06:50

උතුරු කොරියාව තවත් මිසයිල 2 ක් අත්හදා බලා තිඛෙනවා.

සති කිහිපයක් තුල ඔවුන් විසින් මිසයිල අත්හදා බැලීමක් සිදුකල 5 වන අවස්ථාව මෙයයි.

ජපාන මුහුදට මෙම මිසයිල පතිත වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

උතුරු කොරියා නායක කිම් ජොං අන්ගෙන් ප්‍රශංසනීය ලිපියක් තමන්ට ලැබී ඇතැයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් නිවේදනය කර දින කිහිපයකින් මෙම අත්හදා බැලීම සිදුවීමද විශේෂත්වයක්.

ඔහු එහිදී සඳහන් කර තිබුණේ තමන් නැවත වරක් උතුරු කොරියා නායකයා හමුවී සාකච්ඡා කිරීමට සූදානම් බවයි.