එංගලන්තයේ 70 ට වැඩි ජනතාව වෙනුවෙන් කොවිඩ් එන්නත්කරණය මෙම සතියේ

2021-01-18 at 06:17

එංගලන්තයේ වයස අවුරුදු 70 ට වැඩි ජනතාව වෙනුවෙන් කොවිඩ් එන්නත්කරණය මෙම සතියේදී ආරම්භ වනවා.

වෛරසයට ගොදුරුවීමේ වැඩිම අවධානමක් සහිත පිරිසට පළමුවෙන් එන්නත දීමට නියමිත බවයි එරට වාර්තා සඳහන් කලේ.

මේ වනවිට බි්‍රතාන්‍යයේ ලක්ෂ 38 ක ජනතාවකට කොරෝනා එන්නත ලබාදී අවසන්.

මේ අතර බි්‍රතාන්‍යයට පැමිණීමට විවෘත කර තිබූ සංචාරක කොරිඩෝ සියල්ලම අද සිට වසා දැමීමට නියමිතයි.

කොරෝනා වෛරසයේ හඳුනා නොගත් නව ප්‍රභේද කිහිපයක් රටවල් රැසකින් වාර්තාවීමයි ඊට හේතුවී ඇත්තේ.