එලිසබත් වොරන් අමරිකානු ජනපති සටනට

2019-02-10 at 07:36

ලබන වසරේ පැවැත්වෙන අමරිකානු ජනාධීපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් තමන් ඉදිරිපත් වන බව සෙනට් සභික එළිසබත් වොරන් නිල වශයෙන් දැනුම් දී තිඛෙනවා.

ලෝරන්ස් ප්‍රදේශයේදී ජනතාව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය පවසා ඇත්තේ අමරිකාවේ ආර්ථීක අසමානතාව තුරන් කිරීම තම මූලික ප්‍රතිපත්තිය වන බවයි.

ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකළාපය එළිසබත් වොරන් මෙහිදී දැඩි ලෙස විවේචනය කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාවගේ විවේචන සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයද ප්‍රතිචාර දක්වා තිඛෙනවා.

එළිසබත් වොරන් යනු වංචාකාරිනියක් බවත් ඇය විසින් ජනතාව නොමග යවමින් සිටින බවටත් ට්‍රම්ප් මහතාගේ පාර්ශවය චෝදනා කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ.