ඔක්ස්ෆර්ඞ් එන්නතේ රෝග ලක්ෂණ පාලනයට ඉහළ හැකියාවක්

2020-11-23 at 17:51

කොරෝනා වෛරසයට පිළියමක් ලෙස මහා බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සරසවිය විසින් නිපදවන ලද එන්නත රෝග ලක්ෂණ පාලනයට ඉහළ හැකියාවකින් සමන්විත බව තහවුරු වී තිබෙනවා.

එමගින් දැනට සියයට 70 ක රැකවරණයක් ලබාදෙන අතර මාත්‍රාව ඉහළ දැමීමෙන් සියයට 90 ක පමණ ප්‍රතිශක්තීකරණයක් අත්කරගත හැකි බවටයි අනාවරණය වී ඇත්තේ.

අමෙරිකාවේ ෆයිසර් හා මෝදනා නම් සමාගම් විසින් නිපදවා ඇති එන්නත සියයට 95 ක පමණ සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතත් ඔක්ස්ෆර්ඞ් එන්නත කරුණු කිහිපයක් හේතුවෙන් වඩාත් ලාභදායී වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ගබඩා කර තැබීමට පහසුවීම හා ලොව ඕනෑම තැනකට පහසුවෙන් බෙදා හැරිය හැකිවීම ඉන් කිහිපයක්.

මහා බි්‍රතාන්‍ය රජය විසින් දැනටමත් ඔක්ස්ෆර්ඞ් එන්නතේ මාත්‍රා කෝටි 10 ක් ඇණවුම් කර අවසන් අතර ලොව පුරා බෙදා හැරීම සඳහා තවත් මාත්‍රා කෝටි 300 ක් පමණ ලබන වසර වෙනුවෙන් නිපදවීමටද නියමිතයි.