ඔස්ටේ‍රිලියාවේ මුල් වරට කොවිඩ් එන්නත්කරණය අද

2021-02-21 at 08:09

ඔස්ටේ‍රිලියාවේ කොවිඩ් මර්ධන එන්නත්තරණය මුල් වරට අද ආරම්භ කර තිඛෙනවා.

ඒ සදහා භාවිතා කෙරෙන්නේ අමෙරිකාවේ නිශ්පාදිත ෆයිසර් එන්නතයි.

අද දින එන්නත්කරණයට ලක්වූ කුඩා කණ්ඩායම අතරට එරට අගමැති ස්කොට් මොරිසන්ද ඇතුලත් වීම විශේෂත්වයක්.

හෙට දිනයේදි එන්නත්තරණය නිළ වශයෙන් ආරම්භ වන අතර සතිය අවසානයේදී පුද්ගලයින් 60 දහසකට පමණ එන්නත ලබාදීමට නියමිත බවයි විදෙස් වාර්තා සදහන් කලේ.

මේ වනවිට ඔස්ටේ‍රිලියාවේ පුද්ගලයින් 29 දහසකට ආසන්න පිරිසකට වෛරසය වැළදී ඇති අතර මරණ සංඛ්‍යාව පවතින්නේ 909 ක් ලෙසයි.