ඔස්ටේ්‍රලියාවේ කොන්සල් කාර්යාල කිහිපයකට සැක කටයුතු පාර්සල්

January 9, 2019

ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් සහ කැන්බරා නගරවල පිහිටා ඇති තානාපති සහ කොන්සල් කාර්යාල කිහිපයකට ලැබී ඇති සැක කටයුතු පාර්සල් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිඛෙනවා.

මහා බි්‍රතාන්‍ය / ස්විට්සර්ලන්ත / අමෙරිකානු සහ පකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල වෙතයි මෙම සැකකටයුතු පාර්සල ලැබී තිබුණේ.

එමෙන්ම ඉන්දීය / දකුණු කොරියා / නවසීලන්ත / ග්‍රීසිය සහ ඉතාලි කොන්සල් කාර්යාල තුළද හදිසි ඇමතුම් සේවකයන් දක්නට ලැබුණු බව විදෙස් වාර්තාවල සඳහන්.

අදාළ සැකකටයුතු පාර්සල තුළ ඇස්බැස්ටස් වැනි කිසියම් කුඩු විශේෂයක් තිබූ බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ.